මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා වියලි ආහාර එකතු කර එම ප්‍රදේශයට ප්‍රවාහනය කර බෙදා හැරීම ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම්, අයි. එල් වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමා, පරිපාලන නිලධාරිතුමිය ඇතුලු කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්,, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්, ආපදා සහන සේවා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් බොහෝ පිරිසකගේ දායකත්වය මත සිදු විය .
දිනය - 2023.10.09

 

උප්පැන්න ,මරණ  හා විවාහ ලියාපදිංචි  කිරීමේ විශේෂ  ජ‍ංගම සේවාව

2023.05.31 පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා ලුනුගම්වෙහෙර හා තිස්සමහාරාම ප්‍රා.ලේ කාර්යාල ඒකාබද්ධව තිස්සමහාරාම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

(රාජකාරී ඉක්මනින් ඉටු කර ගැනීම සඳහා  2023.05.29 ට පෙර ඔබේ ලියාපදිංචියට අදාල පහත ලේඛන  රැගෙන ඔබේ පදිංචියට ආසන්නතම ලුනුගම්වෙහෙර හෝ තිස්සමහාරාම ප්‍රා.ලේ කාර්යාලයට එන්න)

කල්ගතවූ උප්පැන්න  ලියාපදිංචි  කිරීම සදහා

* උපත් වාර්තාව (රෝහල්/ග්‍රාම  නිලධාරී වාර්තාව )

*සෞඛ්‍ය වර්ධන සටහන

*ශිෂ්‍ය කාර්‍ය දර්ශනය(පාසලට ඇතුළත් වීමේ/අස්වීම් සහතිකය )

*දෙමාපිය  උප්පැන්න  සහතික හා විවාහ  සහතිකය (විවාහක  නම්)

*සහෝදර  උප්පැන්න  සහතික

මෙම  ලේඛන  කිසිවක් නොමැති නම් උපන් දිනය හා ස්ථානය  සනාථ වන කුමන හෝ ලේඛනයක්(දරු උප්පැන්න /විවාහ සහතිකය ...etc)

කල්ගත මරණ  ලියාපදිංචිය සදහා

*මරණ  වාර්තාව (රෝහල් /ග්‍රා.නි/හදිසි මරණ  පරීක්ශක  නිකුත් කල වාර්තා)

*මරණය  සිදු වූ බවට සනාථ  කර ගත හැකි අමතර  ලියවිල්ලක් (ආගමික කටයුතු  සිදු කල බවට නිකුත් කල ලිපිය/ අවසාන කටයුතු වලට සහබාගි වූ ප්‍රදේශයේ පිලිගත් අයකුගෙන්  ලබා ගත් ලිපි/මරණ  දැන්වීම (තිබේ නම්)

විවාහ  ලියාපදිංචි  කිරීම

*විවාහ  වීමට අවශ්‍ය  නීතිමය සුදුසුකම්  සම්පූර්ණ  කල මෙතෙක්  නීත්‍යානුකූලව විවාහය  ලියාපදිංචි  නොකල අයට 

විමසීම්

047-2237238 /0715282919(තිස්සමහාරාම ප්‍රා.ලේ කාර්යාලය)

047-2237038 /0777410769 (ලුනුගම්වෙහෙර ප්‍රා.ලේ කාර්යාලය)

මෙහෙයවීම - :රෙජිස්ට්‍රාර් ජනරාල්  දෙපාර්තමේන්තුව    

සංවිධානය -: හම්බන්තොට දිස්ත්‍රික්  ලේකම් කාර්යාලය හා හම්බන්තොට දිස්ත්‍රික්  සහකාර  රෙජිස්ට්‍රාර් ජනරාල්  කාර්යාලයේ මගපෙන්වීම මත තිස්සමහාරාම හා ලුනුගම්වෙහෙර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්

 

 2021-12 අධික වර්ෂාපතනය හේතුවෙන් පිඩාවටපත් ලුණුගමිවෙහෙර බෙරෙලිහෙල කළාපයේ ජනතාවගේ ගැටලු පිළිබඳ නිරික්ෂණය කිරිම ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් අද දින සිදුකරන ලද අතර එම අවස්ථාවට සහභාගිවු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ,ගණකාධිකාරිතුමන් ,ආපදා සහනසේවා නිළධාරි හා ග්‍රාම නිළධාරිවරුන් හට ඉදිරි උපදෙස් ලබා දෙන ලදි.

News & Events

Scroll To Top